විදෙස්

ශ්‍රීදේවිගේ දේහය ඉන්දියාවට රැගෙන ඒම තවදුරටත් ප්‍රමාදයි

(UTV| ඩුබායි) – සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවිගේ මරණ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු ඩුබායි බලධාරීන් ඇගේ දේහය නිදහස් නොකරන බව වාර්තාවේ.

හෝටලයේ නාන කාමරය තුළ දියේ ගිලී ඇය මිය ගිය බව මේවන විට හෙළිව තිබේ.

ඒ ඩුබායි නුවර මංගල්‍ය උත්සවයකට සහභාගිවීමට ගොස් සිටියදී.

ඇගේ දේහය රැගෙන එන තුරු ඊයේ (26) දිනයේදීත් සිනමා රසිකයන් විශාල පිරිසක් මුම්බායි හි පිහිටි ඇගේ නිවහන ඉදිරිපිට රොක්ව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රීදේවි පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ ඇගේ සැමියා වන බොනී කපූර් මුම්බායි සිට ඇයව පුදුමයට පත් කිරීමේ අරමුණෙන් පැමිණ පැය කිහිපයක් ඇතුළතය.

නාන කාමරය තුළ දියේ ගිලී සිහි විසංඥව සිටි ඇය රෝහල් ගත කරන විට ද මිය ගොස් සිටි බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආනයනික මෝටර් රථ සඳහා ඇමරිකාව තීරු බදු ඉහළ දමයි

Editor O

යුක්‍රේනයෙන් රුසියාවට දැඩි ප්‍රහාරයක්

Mohamed Dilsad

එංගලන්තයේ කොවිඩ් මර්දන සීමා ඉවතට

Mohamed Dilsad

Leave a Comment