විදෙස්

යුක්‍රේනයෙන් රුසියාවට දැඩි ප්‍රහාරයක්

යුක්‍රේනයේ ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියාවේ ප්‍රමුඛ පෙළේ දිගුදුර බෝම්බ ප්‍රහාරක යානයක් විනාශ වී තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි පිහිටි ගුවන් කඳවුරකට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇති බවය.

 

ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසුව එම කඳවුර තුළ හදිසියේම ගින්නක් ද හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

විනාශ කරන ලද රුසියානු බෝම්බ ප්‍රහාරක යානය යුක්‍රේනයේ නගර රැසකට පහරදීමට රුසියාව විසින් බහුලව භාවිත කර ඇති බව වාර්තා වේ.

Related posts

‘තියඩෝර් රූස්වෙල්ට්’ හි නාවිකයන් කොරෝනා වෛරසයෙන් මිය යෑමේ අවධානමක

Mohamed Dilsad

ඇමරිකානු නව ජනපති සහ උප ජනපතිගේ දිවුරුම්දීම අද

Mohamed Dilsad

දුම්වැටි අලෙවි කිරීමේදි ඩිජිටල් මුද්‍රාව අනිවාර්ය කෙරේ.

Mohamed Dilsad

Leave a Comment