විදෙස්

එංගලන්තයේ කොවිඩ් මර්දන සීමා ඉවතට

එංගලන්තයේ කොවිඩ් පාලන සීමා ඉවත්කිරීමේ අවසන් අදියර යටතේ සියලුම සමාජ දුරස්ථකරණ සීමා ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණි.

ඒ අනුව සියලුම ගෘහස්ථ ස්ථානවල ධාරිතාවේ උපරිමයට ජනතාව රැස්කළ හැකි වන අතර රාත්‍රී සමාජශාලා විවෘත කිරීමටත් අවසර හිමිය.

නිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමයත් මේ සමඟ අවසන් වූ අතර ආරක්ෂිත මුහුණු ආවරණ පැලඳීම තවදුරටත් නීතිමය අවශ්‍යතාවක් වන්නේද නැහැ.

කෙසේ වෙතත් රජයේ එම තීරණය විපක්ෂය මෙන්ම විද්‍යාඥයන්ද හෙළාදැක තිබේ.

ඊයේ ලොව වැඩිම දෛනික ආසාදිතයන් පිරිසක් හඳුනාගත්තේ ඩෙල්ටා වෛරස ප්‍රභේදය නිසා යළි වසංගත තත්වය උත්සන්න වෙමින් ඇති එක්සත් රාජධානියෙනි.

එම සංඛ්‍යාව 48,000කට අධිකය.

කෙසේවෙතත් දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 50ට අඩු අගයක පවත්වාගැනීමට හැකිවී තිබේ.

මේ අතර වසංගත ව්‍යාප්තිය තුළ පළමු වරට වියට්නාමයේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ 5,000 ඉක්මවා ගියේය.

ඒ හේතුවෙන් හැනෝයි අගනුවර සංචරණ සීමා තර කර තිබේ.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වන අතර අවදානම් සහිත පළාත් අතර පොදු ප්‍රවාහන සේවාවන්ද අත්හිටුවා ඇති බව සඳහන් වේ.

මේ අතර වියට්නාමයේ හැනෝයි අගනුවරට දැඩි සංචරණ සීමා පනවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

තුර්කිය සිරියාවට ප්‍රහාර එල්ල කිරීම වහාම නැවත්විය යුතුයි – ප්‍රංශ ජනපති

Mohamed Dilsad

ඇමෙරිකාව විසා ගාස්තු ඉහළ දමයි

Editor O

ජිමි ෂාම්ට උද්ඝෝෂණයක් අතරතුර ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment