ක්‍රීඩා

පළමු එක්දින තරඟයෙන් ඉන්දියාවට පහසු ජයක්

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු එක්දින තරඟය පහසුවෙන් ජය ගන්නට සංචාරක ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟය ඉන්දියාව ජය ගත්තේ කඩුලු 07කින්.

තරඟයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 තුල කඩුලු 09ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 262ක්.

ලකුණු 263ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 04කදී කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

ඉන්දියාව වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ශිකර් ධවාන් නොදැවී ලකුණු 86ක් රැස්කළ අතර අද දිනයේ ඉන්දියාව වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත් ඉෂාන් කිෂාන් සිය මංගල එක්දින අර්ධ ශතකය රැස්කරමින් වේගවත් ලකුණු 59ක් රැස් කළා.

පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා ලකුණු 49කට කඩුලු 02ක් දවාගත් අතර ලක්ෂාන් සඳකැන් ඉන්දීය කණ්ඩායමේ එක් කඩුලක් දවා ගත්තා.

මෙම ජයත් සමඟ තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ එකට බිංදුවක් ලෙස ඉන්දියාව පෙරමුණ ගත්තා.

Related posts

බංගලිදේශය සමඟ පැවතී තරඟයෙන් ශ්‍රී ලංකාවට 91 ක ජයක්

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස් සිව් වැනි වතාවටත් තියුණු ජයක් වාර්තා කරයි.

Mohamed Dilsad

ආසියානු ක්‍රිකට් තරගාවලිය අගේාස්තු 27 ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment