ප්‍රමුඛ පුවත 1

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යුද හමුදාපතිවරයා හමුවීමට සුදානම්

(UTV| කොළඹ) – බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරමින් සිටියදී මෙරටට කැඳවූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අද (26) යුද හමුදාපතිවරයා හමුවීමට නියමිතය.

අද (26) දිනයේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මුණ ගැසී විශේෂ සාකච්ඡාවක නිරත වන බව යුද හමුදාපති ලූතිනන්  ජෙනරාල් මහේෂ් සේනානායක සඳහන් කළේය.

පසුගිය පෙබරවාරි 4 වනදා ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ විරෝධතාවක් අතරතුර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා විසින් ලබාදුන් සංඥාවක් සම්බන්ධයෙන්  බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විසින් යුද හමුදාපතිවරයා වෙත කරුණු පැහැදිළි කිරීමට නියමිත බවයි වාර්තාවේ.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මෙරටට කැඳවනු ලැබුවේ ඔහුගේ ආරක්ෂාව පිළිබඳවද අවධානය යොමු කිරීමෙන් පසුව බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති අතර, මෙවැනි සිදුවීමකදී සාමාන්‍ය සම්ප්‍රදාය අනුව සිදුවන කරුණු විමසා බැලීමක් මෙහිදී සිදුවන බවයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වැඩිදුරටත් කියා සිටියේ.

පසුගිය පෙබරවාරි 4 වනදා ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ විරෝධතාවක් අතරතුර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ලබාදුන් සංඥාවක් සම්බන්ධයෙන් කථාබහට ලක්වූ අතර, පසුව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් බ්‍රිගේඩියර්වරයා සාමාන්‍ය සේවා කටයුතුවලින් ඉවත් කළේය.

නැවත  ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහු යළි සාමාන්‍ය සේවා කටයුතුවල පිහිටවනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පැනපු අයට ඇමතිකම් නොදෙන්න දැඩි තීරණයක්

Mohamed Dilsad

ආමර් වීදිය බස් නැවතුම්පලේ වහලය යතා තත්ත්වයට

Mohamed Dilsad

අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment