ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට වැසි

(UTV| කොළඹ) – දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරුමැද පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල තැනින් තැන විශේෂයෙන්ම, සවස 2.00 න්පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් ගාල්ල, මාතර, කළුතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට තදවැසි (මි.මී. 100 වැඩි) ඇති විය හැක.

දිවයිනේ උතුරු සහ වයඹ පළාත් වලත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන (පැ.කි.මී40දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 ජනාධිපතිවරණ සටනට අපේක්ෂකයින් 35 දෙනෙක් [PHOTO]

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

සැප්තැම්බර් 05 වැනිද හා 06 වැනිදා පාර්ලිමේන්තුව කල්තැබීමට උපදෙස් ලැබී නෑ

Mohamed Dilsad

Leave a Comment