විදෙස්

මාලදිවයිනේ හදිසි තත්වයක්

(UTV| කොළඹ) – මාලදිවයින දශක 03කට අධික කාලයක් පාලනය කළ එරට හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම් අත්අඩංගුවට ගනී.

ඔහුගේ ඥාති සොහොයුරු වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් විසින් එරට හදිසි නීතිය පැනවීමෙන් අනතුරුව මෙලෙස හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු ජනාධිපති ගයුම් මෑත කාලයේදී විපක්ෂය හා එක්ව ජනපති යමීන්ට එරෙහිව කටයුතු කළ බව සඳහන්ය.

ජනාධිපති අබ්දුල්ලා යමීන් සහ එරට ශ්‍රේෂ්ඨාධිකරණය අතර අර්බුදය දැන් උත්සන්න වී ඇති අතර, ජනතා විරෝධතා මැඬලීම ඔහු විසින් හදිසි නීතිය පැනවීමේ අරමුණ බව විශ්වාස කෙරේ.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඞ් ඇතුළු දේශපාලන සිරකරුවන්ට නිදහස ලබාදීම ප්‍රතික්ෂේප කළ ජනාධිපති යමීන් එරට පාර්ලිමේන්තුව ද අත්හිටුවනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එවරස්ට් මනින්න සුදානම්

Mohamed Dilsad

සෙනසුරු ග්‍රහයාගේ එක් දිනක් පැය දහය හමාරක් බව අනාවරණය වේ…

Mohamed Dilsad

යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා වැසෙයි

Mohamed Dilsad

Leave a Comment