විදෙස්

එවරස්ට් මනින්න සුදානම්

(උදයම්,ඉන්දියාව )   –  ඉන්දියාව නැවත වරක් එවරස්ට් කන්දේ උස ගණනය කිරීමට සූදානම් වේ.

ඊට හේතු වී ඇත්තේ 2015 වසරේ නේපාලයට බලපෑ භූ කම්පනයත් සමඟ එවරස්ට් කන්දේ උස අඩු වී ඇති බවට මත පළවීමය.

දැනට එහි උස සටහන් වන්නේ අඩි 29028ක් ලෙසයි.

නේපාල භූකම්පනයත් සමඟ එවරස්ට් කනදේ උස මීටරයකින් පමණ අඩුවී ඇති බවට විද්‍යාඥයෝ මත පළ කරති.

කෙසේ වෙතත් ඉන්දියාව මෙලෙස එවරස්ට් කන්දේ උස ගණනය කරනු ලබන්නේ වසර 62කට පසුවය.

මෙම ගණනය කිරීම් සඳහා මාස එකහමාරකට අධික කාලයක් ගත වනු ඇති බව ඉන්දීය බලධාරීන් සඳහන් කර තිබේ.

Related posts

ලෙබනනයට යුරෝ මිලියන 250 කට අධික හදිසි මුදල් ආධාරයක්

Mohamed Dilsad

ජනපති ධූරයෙන් නික්මීමට පෙර ට්‍රම්ප් 5 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කරයි

Mohamed Dilsad

විශාලතම මත් ද්‍රව්‍ය තොගය ලාඕසයෙන්

Mohamed Dilsad

Leave a Comment