ප්‍රමුඛ පුවත 1

යතුරුපැදි අනතුර දෙදෙනෙකුට මරු කැඳවයි

(UTV|කොළඹ) – කුලියාපිටිය, නින්දවෙල ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
ඊයේ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරු ලෙස ගමන් ගත් පුද්ගලයෙකු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පැදිකරුවෙකු මියගොස් ඇත.
බරපතළ තත්ත්වයේ පසු වූ පසුපැදිකරු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ඔහු  ද මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ නිදන්වෙල, ඉහලගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි සහ 53 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
අනතුර සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකා ප්‍රජා වන කළමනාකරණ වැඩසටහන ක්‍රියාවට

Mohamed Dilsad

සුළඟකින් නිවාස 20කට හානි

Mohamed Dilsad

තැපැල් ගැටලු විසඳන සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment