ප්‍රමුඛ පුවත 1

යතුරුපැදි අනතුර දෙදෙනෙකුට මරු කැඳවයි

(UTV|කොළඹ) – කුලියාපිටිය, නින්දවෙල ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
ඊයේ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරු ලෙස ගමන් ගත් පුද්ගලයෙකු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පැදිකරුවෙකු මියගොස් ඇත.
බරපතළ තත්ත්වයේ පසු වූ පසුපැදිකරු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ඔහු  ද මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ නිදන්වෙල, ඉහලගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි සහ 53 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
අනතුර සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තිරිඟු පිටි සඳහා රජයෙන් මිල සූත්‍රයක් ?

Mohamed Dilsad

හිටපු අගවිනිසුරුවරියගේ සැමියාට වසර 05ක අත්හිටවූ සිර දඬුවම්

Mohamed Dilsad

යාන් ඔයෙන් යළිත් ගිනි අවි මතු වෙයි

Mohamed Dilsad

Leave a Comment