ප්‍රමුඛ පුවත 1

උතුරු සහ නැගෙනහිර මුහුදුප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ අවධානමක්

(UTV|කොළඹ) – දිවයිනට කි.මී. 800 පමණ දුරින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු ඇති අතර එය වයඹ ‍‍දෙසට බරව දිවයිනෙන් ඉවතට ගමන් කරයි.

මේ හේතුවෙන් විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මුහුදුප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතී.

උතුරු, උතුරු-මැද ස හනැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සවස2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල,මාතර, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රීක්කවලත් විටින් විට හමන (පැ.කි.මී.50 ක් පමණ) තරමක් තද සුළං බලාපොරොත්තු වියහැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇති වියහැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජගත් මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

2019 ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50% කින් ඉහළට [VIDEO]

Mohamed Dilsad

නව වාහන බදු ක්‍රියාත්මක වන්නේ මාර්තු 06න් පසු ගෙන්වීම සඳහායි

Mohamed Dilsad

Leave a Comment