ප්‍රමුඛ පුවත 1

ජගත් මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවෙන් පොරොන්දුවක්

(UTV| කොළඹ) – මානව හිමිකම් සුරක්ෂිත වන අයුරින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, නව ත්‍රස්ත මර්දන පනත සකස් කරන බව ශ්‍රී ලංකාව ජගත් මානව හිමිකම් කොමිසම වෙත දැනුම් දුන්නේය.

ඒ ඊයේ (20) ජගත් මානව හිමිකම් කොමිසම රැස්වූ අවස්ථාවේදීය.

එම පනත සකස් කිරීමේ ප්‍රගතියක් ලබා ඇති අතර, නුදුරේදීම ඒ සඳහා වූ නීති කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බවයි ජිනිවා නුවර ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව පිළිබඳ විශ්ව කාලාවර්තක වාර්තාව ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ 37 වන සැසි වාරයේදී ඊයේ සම්මත කර ගැනුණි.

එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා වැඩිදුරටත් කියා සිටියේ ජගත් සංවිධාන පද්ධතිය සහ එහි සියලුම නියෝජිත ආයතන සමඟ ශ්‍රී ලංකාව සක්‍රීය සහයෝගීතාවකින් කටයුතු කරන බවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දා ඇති වූ සිද්ධීන් පිළිබඳව ද අදහස් දක්වමින් ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ අදහස් පළ කළේය.

එහිදී ඔහු එම සිද්ධීන් හැදින්වූයේ ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් සහ පුද්ගලයන් සිදුකළ බියසුළු ක්‍රියාවන් ලෙසය.

මුස්ලිම් ජන කොටස මෙරට බහුවිධ සමාජයේ වෙන් කළ නොහැකි කොටසක් ලෙස හැදින්වූ ඔහු සියලු ජන කොටස්වලට සමාන අන්දමින් නීතිය ක්‍රියාත්මක කරලීමට රජය කටයුතු කරන බව අවධාරණය කළේය.

එම සිද්ධීන් සමඟ පැනවුණු සමාජමාධ්‍ය තහනම ඉවත් කිරීමට ද රජය පියවර ගත් බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ජිනිවා මානව හිමිකම් මණ්ඩලය වෙත දැනුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඔයට පෙරළුණු BMWහි හිමිකරු රිමාන්ඩ්

Mohamed Dilsad

පලා ගිය මුලතිව් රැඳවියන් සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

සජිත්, චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment