ප්‍රමුඛ පුවත 1

දකුණු ආසියානු වෛද්‍ය සංගමයේ තුන්වන සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්

(UTV|කොළඹ)  –  ලිංගික සෞඛ්‍ය පිළිබඳ දකුණු ආසියානු වෛද්‍ය සංගමයේ තුන්වන ද්වි වාර්ෂික සමුළුව මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර, එහි සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

”ලිංගික වෛද්‍ය විද්‍යාවේ නව මානයන්, මනස, ශරීරය සහ විද්‍යාව” යන තේමාව යටතේ අද(20) සිට 21 වනදා දක්වා සමුළුව කොළඹදී පැවැත්වෙන අතර දකුණු ආසියානු රටවල ලිංගික සෞඛ්‍ය ප්‍රවීනයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුථ විද්වත් පිරිසක් මීට එක්ව සිිටි.

ලිංගික සෞඛ්‍ය පිළිබඳ දකුණු ආසියනු වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිවරුන්ට සහ සාමාජිකයින් තිදෙනෙකු වෙත සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ලිංගික සෞඛ්‍ය පිළිබද දකුණු ආසියනු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ලසන්ත මලවිගේ, ජාත්‍යන්තර වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය Luca Incrocci  වෛද්‍ය ඉයන්ති අබේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත පිරිසක් සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.

Related posts

කථානායකගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ජාතික පාසල්වල 40,000 කට අධික ශිෂ්‍ය පුරප්පාඩු පිරවීමට පියවර

Mohamed Dilsad

ගීතාගේ මන්ත්‍රීධුරය අහෝසි වීම අත්හිටුවීමේ තීන්දුව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment