ප්‍රමුඛ පුවත 1

ජාතික පාසල්වල 40,000 කට අධික ශිෂ්‍ය පුරප්පාඩු පිරවීමට පියවර

(UTV | කොළඹ) – ජාතික පාසල්වල පවතින 40,000 කට අධික ශිෂ්‍ය පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.එම්. රත්නායක මහතා සඳහන් කළේය.

ඒ අනුව අදාළ පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වනවිටත් පවත්වා ඇති බව ඔහු පවසයි.

පළමු අදියරේදී පුරප්පාඩු 4500 ක් සඳහා සිසුන් තොරාගෙන ඇති අතර , තෝරාගත් සිසුන් පදිංචි ලිපිනයන් වෙත ඒ සම්බන්ධ ලිපි යොමු කර ඇති බවත් ඔහු අවධාරණය කරයි.

පවතින අනිකුත් පුරප්පාඩු සඳහාත් කඩිනමින් සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් සදහන් කරයි.

Related posts

ජනාධිපතිවරණයට කඩදාසි ඡන්ද පෙට්ටි

Mohamed Dilsad

මෙරට ප්‍රදීපාගරයන් සහිත විශේෂ මුද්දර 04 ක් එළි දැක්වේ

Mohamed Dilsad

ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment