ප්‍රමුඛ පුවත 1

කථානායකගෙන් අද විශේෂ ප්‍රකාශයක්

කථානායක කරු ජයසූරිය අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

ඒ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ජාතික ආණ්ඩුවේ වලංගුභාවය සම්බන්ධයෙනි.

ඊයේ (20) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැක්වූ කරුණුවලට පිළිතුරු ලබාදෙමින් කථානායකවරයා මෙම විශේෂ ප්‍රකාශය අද සිදුකරනු ඇත.

කථානායක කරූ ජයසූරිය මෙහිදී තවදුරටත් ප්‍රකාශ කළේ ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට දැනුම්දීමක් සිදුකර නොමැති බැවින් ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා අද දිනයේ  පිළිතුරු ලබාදෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සමන් දිසානායක අද අධිකරණය හමුවට

Mohamed Dilsad

හෙට සිට සිකුරාදා දක්වා නිවසේ සිට වැඩකරන කාල සීමාවක් [PRESS RELEASE]

Mohamed Dilsad

පරාජයට යළි ඉඩ නොතැබිය යුතුයි – අනුර කුමාර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment