ප්‍රමුඛ පුවත 1

ගීතාගේ මන්ත්‍රීධුරය අහෝසි වීම අත්හිටුවීමේ තීන්දුව අත්හිටුවයි

(උදයම්,කොළඹ)   – පෙත්සම් විභාගය අවසන් වනතෙක්, ගීතා කුමාරසිංහගේ මන්ත්‍රීධුරය අහෝසි වීම අත්හිටුවමින් ලබාදුන් අතුරු තහනම දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.

ගීතා කුමාරසිංහ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසිකරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවා පනවා ඇති අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ගීතා කුමාරසිංහ ගොනුකළ පෙත්සමක් අද(15) ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලීමෙන් අනතුරුවය.

ද්විත්ව පුරවැසිභාවය ලබාතිබීම නිසා ගීතා කුමාරසිංහට  මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක්දැරීමට නුසුදුස්සෙකු ලෙස අභියාචනාධිකරණය ඉකුත් 3 වැනිදා තීන්දුවක් ලබා දුන්නේය.

එම තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ ගොනුකළ පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව අද (15) දක්වා ක්‍රියාත්මකවීම අත්හිටුවමින් තාවකාලික අතුරු නියෝගයක් ඉකුත් 12 දා නිකුත් කළේය.

Related posts

පස්වරුවේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි

Mohamed Dilsad

කැබිනට් රැස්වීම පවත්වන වෙලාවේ වෙනසක්

Mohamed Dilsad

දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය මාර්ෂල් පෙරේරාටම !

Mohamed Dilsad

Leave a Comment