ක්‍රීඩා

සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවෙකු රෝහල් ගත කෙරේ

(උදයම්,හම්බන්තොට)-  සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී අද (06) පැවැත්වෙන  ශ්‍රී ලංකා සිම්බාබ්වේ තෙවැනි එක්දින තරඟය ට සහභාගිවීමට සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවෙකු වන Ryan Ponsonby Burl නමැති ක්‍රීඩකයා හදිසියේ රෝහල් ගතකර තිබේ.

ඊයේ (05) රාත්‍රී 08 ට පමණ නැවතී සිටි හෝටලයේදී ගන්නා ලද ආහාරයක් විසවීමෙන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇත.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට මහ රෝහලේ ප්‍රකාශකකු පැවසුවේ රාත්‍රියේ ගත් ආහාරයක් විෂ වීමෙන්  තාවක් මත අදාළ  ක්‍රීඩකයා රෝහල් ගත කළ බව හා රෝගියාගේ තත්ත්වය බරපතළ නොවන බවයි .

එමෙන්ම ක්‍රීඩකයා  අද (06 ) දින රෝහලෙන් පිටවයාමටද හැකිවෙතායි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

බෝල බැඩ්මින්ටන් නමින් ශ්‍රී ලංකාවට අලුත් ක්‍රීඩාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් කොරෝනා එන්නත්

Mohamed Dilsad

ඩිල්ෂාන් සමග උපුල් තරංගත් එක් වේ

Mohamed Dilsad

Leave a Comment