ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් කොරෝනා එන්නත්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ලබන ඉරිදා (11) දිනයේ දී කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.   

එහි පළමු මාත්‍රාව මෙලෙස කොළඹ දී ලබා දීමට සැලසුම් කර ඇති අතර , දෙවන මාත්‍රාවට අදාළ එන්නත ද තවත් මාස දෙකකින් හෝ තුනකින් පමණ ක්‍රීඩකයින්ට ලබා දෙනු ඇති.

ටෙස්ට් සහ සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ජාතික සංචිතයේ ක්‍රීඩකයින්ට අමතරව සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින්ට ද එන්නත් කිරීම ලබන ඉරිදා සිදු කිරීමට නියමිතයි.

ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනෙකා (astrazeneca) එන්නත මෙලෙස ඔවුන්ට ලබා දෙනු ඇති.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කොදෙව් තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණ ඇති අතර, ඔවුන් සහභාගී වන මීළග තරගාවලිය බංග්ලාදේශයට එරෙහිව ලබන 21 වනදා ආරම්භ වීමට නියමිතව ඇත.

 

 

 

 

Related posts

අන්තර් ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණ නවසීලන්තයට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවට එරෙහි 20-20 තරඟයෙන් ඇෆ්ගනිස්ථානය ජය ගනී.

Editor O

පකිස්ථාන ක්‍රීඩකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment