Trending News

වර්ජනයේ නිරත වෛද්‍යවරු රජයට අනතුරු අඟවයි

(උදයම්,කොළඹ)  – ඊයේ (22) උදෑසන 08.00 ආරම්භ කළ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  මහා සභාව යෝජනා කර ඇති අතර ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම මධ්‍යම කාරක සභාවට පවරා ඇති බවත් එම සංගමය පවසයි.

සයිටම් ආයතනයට විරෝධය පල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වූ සරසවි සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් මෙම වර්ජනය ආරම්භ කළේය.

තම විරෝධය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට  මෙතෙක් රජයේ පාර්ශවයෙන් කිසිඳු පුද්ගලයෙකු ඉදිරිපත් නොවු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම අවධාරණය කර සිටියි.

වර්ජනය පැවතියද අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළත් දිවයිනේ බොහෝ රෝහල්වල කටයුතු අඩපන වීමෙන් රෝගීන් දුෂ්කරතාවට පත්ව සිටින බවද වාර්තා වේ.

අද දිනයේත් ළමා රෝහල්, මාතෘ රෝහල් සහ පිළිකා ආයතනයේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදී කෙරේ. සෙසු රෝහල්වල ද ඩෙංගු ප‍්‍රතිකාර සහ හදිසි ප‍්‍රතිකාර නොනවත්වා සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.නමුත් සිය වැඩවර්ජනය අසාර්ථක බවට රජය සඳහන් කළහොත් හදිසි ප‍්‍රතිකාර ද නවතා දමන බවට ඔවුන් අනතුරු අඟවයි.

Related posts

CITES CoP18 will be held in Colombo in May 2019

Mohamed Dilsad

වාහනයක ලියාපදිංචියක් සම්බන්දයෙන් හිටපු ඇමති විජිත් විජයමුණි අත්අඩංගුවට

Editor O

SAITM medical degrees accepted by SLMC – Court

Mohamed Dilsad

Leave a Comment