Trending Newsඑසැන පුවත්දේශීය

වාහනයක ලියාපදිංචියක් සම්බන්දයෙන් හිටපු ඇමති විජිත් විජයමුණි අත්අඩංගුවට

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත. නීති විරෝධීව ආනයනය කරන ලද වාහන අමතර කොටස් භාවිතා කර ලොරි රථයක් එකලස්කර, ඒ සඳහා ව්‍යාජ ලේඛන සකස්කර ගැනීමේ චෝදනාවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පවසයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් විජිත් විජයමුණි ද සොයිසා, හෙට (20) බණ්ඩාරවෙල අධිකරණය වෙත ඉතිරිපත් කිරීමට නියමිතව ඇත. එමෙන්ම වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් විජිත් විජයමුණි ද සොයිසා විසින් මෙලෙස වෙනත් වාහනද එකලස් කිරීමක් සිදුකර ඇත්දැයි සොයා තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතින බවද පොලීසිය පවසයි.

එකලස් කරන ලද ලොරි රථයක් සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු ඔහු පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

தேசிய புலனாய்வுப் பிரிவின் பிரதானியாக மேஜர் ஜெனரல் ருவன் குலதுங்க

Mohamed Dilsad

ආණ්ඩුවේ පාලකයෝ ජනතා ප්‍රශ්නවලට සවන් දෙන්නේ නැහැ : ජනතාවත් ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ විපක්ෂයට – විපක්ෂ නායක

Editor O

විදුලි බලමණ්ඩලය පාඩු ලබන්නට හේතුව හඳුන්නෙත්ති පවසයි

Mohamed Dilsad

Leave a Comment