ව්‍යාපාරික

තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර පවතින වෙළඳ කටයුතු තවඳුරටත් ප්‍රවර්ධනය කිරීමට පියවර

(උදයම්,කොළඹ)  –  තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආනයන අපනයන කටයුතු තවඳුරටත් ප්‍රවර්ධනය සඳහා අවස්ථාව උදා වී ඇති බව, ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති තොන්කා ඔෂ්කඩර් මහතා (Tunca Ozcuhadar) මේ බව පැවසිය.
ඊයේ (22) පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී අමාත්‍ය රවී කරුණානායක මහතා හමු වූ අවස්ථාවේදී තුර්කි තානාපතිවරයා මේ බව සඳහන් කළේය.
නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතාට සුභ පැතුම් එක් කළ තුර්කි තානාපතිවරයා දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තවඳුරටත් ශක්තිමත් කර ගැනීමට කාලය එළඹ ඇති බවද කීය.
මෙම හමුවේදී, ශ්‍රී ලංකාව හා තුර්කිය අතර වෙළඳ හා ආයෝජන කටයුතු ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනිණි.
විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී කියා සිටියේ තුර්කි රාජ්‍ය විවිධ අංශයන්ගෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන සහය අගය කරන බවයි.

Related posts

ජුලි මාසය තුළ තේ මිලේ වර්ධනයක්

Mohamed Dilsad

සහල් මිල යළි ඉහළට

Mohamed Dilsad

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 50 ක ආධාරයක්

Mohamed Dilsad

Leave a Comment