දේශීයව්‍යාපාරික

සහල් මිල යළි ඉහළට

(UTV | කොළඹ) – ලබන මස පළමුවැනිදා සිට සහල් කිලෝවකට සියයට දෙක හමාරක සමාජ ආරක්ෂණ බද්ද ගෙවීමට සිදුවී තිබෙන බවත්, මේ නිසා සහල් කිලෝවට අදාළ බදු මුදල එකතු කිරීමට සිදුවන බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසීය.

සහල් කිලෝවට බදු මුදල එකතු නොකර සිටීමට නම් ගොවියාගෙන් මිලදී ගන්නා වී කිලෝවකින් අදාළ බදු මුදල අඩු කිරීමට සිදුවන බවද ඔහු කීවේය. ලංකාව තුළ සහල් අතිරික්තයක් තිබියදී පිටරටින් සහල් ආනයනය කෙරෙන බවද ඔහු පැවසුවේය. ඉන්දියාවෙන් ආනයනය කරන ලද සහල් අතරින් තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක පමණ තොගයක් දේශපාලනඥයන්ගේ හිතවත් වෙළෙඳුන් ගබඩා කරගෙන ඇතැයිද සභාපතිවරයා පැවසීය.

ඉකුත් 2020/21 මහකන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන පහක් බවත්, වාර්තාගත අස්වැන්නක් එලෙස ලැබී තිබියදීත් සහල් ආනයනය කිරීමට කටයුතු කළ බවත්, සහල් ආනයනය සිදුකළේ කාබනික ගොවිතැන නිසා වී අස්වැන්නේ සිදුවූ අඩුවක් නිසා නොව කොමිස් හිඟයක් නිසා බවත් ඔහු කීවේය.

අසීමිත ලෙස සහල් මිල ඉහළ ගියේ මහා පරිමාණ සහල් මෝල් හිමියෙකුගේ තක්කඩිකම නිසා බවත්, කෘෂිකර්ම නිලධාරීන්ගේ කොන්ද පණනැති නිසා මෙම තත්වය උද්ගතවූ බවත් සභාපතිවරයා සඳහන් කළේය

Related posts

වසර 2025 වනවිට සෘජු විදේස් ආයෝජන ඉහළ නැංවීමට පියවර

Mohamed Dilsad

ජනපති නිව්යෝර්ක් නුවරට

Mohamed Dilsad

කොවිඩ් මරණවල අවසන් කටයුතු සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment