දේශීය

වතු වැටුප 1000 කින් ඉහළ නැංවීම ඇතුළු කැබිනට් හමුවේ තීරණ

(UTV | කොළඹ) – වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය පියවර පඩි පාලක සභා මගින් ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

2021 අයවැයටද ඇතුළත් මෙම යෝජනාව සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් මණ්ඩලයට කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කල යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී ඇත.

මේ අතර ඉදිරි වසර 3 තුළදී නව අධිකරණ ශාලා 100 ක් රට තුළ ඉදි කිරීමටද සැලසුම් කර තිබෙන අතර , දැනට ගොඩ ගැසී ඇති විශාල නඩු සංඛ්‍යාව කඩිනමින් විභාග කර අවසන් කිරීම එහි අපේක්ෂාව වී ඇත.

මේ අතර නව කැළණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මත ඉදිකරන ලබන අධිවේගී මාර්ගයක් ඉදි කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කැඳවීමටද නියමිතයි.

මේ අතර වතු ප්‍රජාව සඳහා නිවාස ලබාදීමේදී පොදු එක් ක්‍රමවේදයක් අනුගමනය කිරීම සඳහාත් ඒ යටතේ පහත සඳහන් පරිදි අවශ්‍ය පියවර ගැනීම සඳහාත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකර ඇත.

 

Related posts

දිස්ත්‍රික්ක 10 ක් සඳහා පැනවූ නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත්

Mohamed Dilsad

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මහා ශිවරාත්‍රී දින සුභාශිංසනය

Mohamed Dilsad

ඉන්දියාවෙන් පැන ආ පිරිස අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment