විදෙස්

රුසියාවෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

(උදයම්,රුසියාව)  – සිරියානු හමුදා ගුවන් යානයක් ඇමරිකාව විසින් වෙඩි තබා බිම හෙලීම පිළිබදව රුසියාව, සිරියාවේ ක්‍රියාත්මක ඇමරිකානු සන්ධානයට අනතුරු ඇගවීමක් කර තිබේ.

පසුගියදා සිරියානු යානය රඛා ප්‍රදේශයේ ISIS ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටියදී මෙලෙස ඇමරිකා හමුදාවල ගොදුරක් වී ඇති බව රුසියාව සඳහන් කරයි.රඛා ISIS හෙවත් ඉස්ලාමීය රාජ්‍යය ගොඩනගන කල්පිත රාජධානියේ අගනුවර ලෙසයි සැලකේ.

ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයේ ප්‍රධානතම සහයකයා වන්නේ රුසියාවයි.

මේ නිසා සිරියාවේ ඇමරිකානු හමුදා සමඟ සන්නිවේදනයන් අත්හිටුවීමට පියවර ගන්නා බව ද රුසියාව පවසයි.

Related posts

ප්‍රහාර දැඩි කිරීමත් සමඟින් සිරියානු සිවිල් යුද ගැටුම් යළි දැඩි වෙයි

Mohamed Dilsad

වයස්ගතම අගමැති ලෙස මහතීර් මොහොමඩ් වාර්තා තබයි

Mohamed Dilsad

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුව තවත් දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment