විදෙස්

රුසියාවෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

(උදයම්,රුසියාව)  – සිරියානු හමුදා ගුවන් යානයක් ඇමරිකාව විසින් වෙඩි තබා බිම හෙලීම පිළිබදව රුසියාව, සිරියාවේ ක්‍රියාත්මක ඇමරිකානු සන්ධානයට අනතුරු ඇගවීමක් කර තිබේ.

පසුගියදා සිරියානු යානය රඛා ප්‍රදේශයේ ISIS ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටියදී මෙලෙස ඇමරිකා හමුදාවල ගොදුරක් වී ඇති බව රුසියාව සඳහන් කරයි.රඛා ISIS හෙවත් ඉස්ලාමීය රාජ්‍යය ගොඩනගන කල්පිත රාජධානියේ අගනුවර ලෙසයි සැලකේ.

ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයේ ප්‍රධානතම සහයකයා වන්නේ රුසියාවයි.

මේ නිසා සිරියාවේ ඇමරිකානු හමුදා සමඟ සන්නිවේදනයන් අත්හිටුවීමට පියවර ගන්නා බව ද රුසියාව පවසයි.

Related posts

ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීමට තුර්කිය එකඟවෙයි

Mohamed Dilsad

ඉන්දියාවේ ආසාදිතයින් ගණන ලක්ෂ 04 ආසන්නයි

Mohamed Dilsad

කර්ණාටක ප්‍රාන්තයේ මැතිවරණයට තියුණු තරඟයක්

Mohamed Dilsad

Leave a Comment