විදෙස්

රුසියාවෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

(උදයම්,රුසියාව)  – සිරියානු හමුදා ගුවන් යානයක් ඇමරිකාව විසින් වෙඩි තබා බිම හෙලීම පිළිබදව රුසියාව, සිරියාවේ ක්‍රියාත්මක ඇමරිකානු සන්ධානයට අනතුරු ඇගවීමක් කර තිබේ.

පසුගියදා සිරියානු යානය රඛා ප්‍රදේශයේ ISIS ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටියදී මෙලෙස ඇමරිකා හමුදාවල ගොදුරක් වී ඇති බව රුසියාව සඳහන් කරයි.රඛා ISIS හෙවත් ඉස්ලාමීය රාජ්‍යය ගොඩනගන කල්පිත රාජධානියේ අගනුවර ලෙසයි සැලකේ.

ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයේ ප්‍රධානතම සහයකයා වන්නේ රුසියාවයි.

මේ නිසා සිරියාවේ ඇමරිකානු හමුදා සමඟ සන්නිවේදනයන් අත්හිටුවීමට පියවර ගන්නා බව ද රුසියාව පවසයි.

Related posts

හැමතැනම අදානි.. – රාහුල් ප්‍රශ්න කරයි

Mohamed Dilsad

අගමැති බොරිස් ජොන්සන්ගේ යෝජනාව පරාද වෙයි

Mohamed Dilsad

ඉන්දුනීසියානු සුනාමියේ මරණ සංඛ්‍යාව 400 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment