විදෙස්

ඩොලර් මිලියන 45ආටා අලෙවි වූ පිකාසෝගේ චිත්‍රය(වීඩියෝව)

(උදයම්,ඇමෙරිකාව)  – පැබ්ලෝ පිකාසෝගේ නිල් හැඳි කත චිත්‍රයට නිව්යෝක් නුවර ඊයේ පැවැති වෙන්දේසියකදී ඇමරිකානු ඩොලර් මිලියන 45ක මිලකට අලෙවි වෙයි.

1939 වසරේදී  සිටියදී පිකාසෝ මෙලෙස සිතුවම් කර තිබුණේ ඔහුගේ එක් පෙම්වතියක් වූ එවකට 31 හැවිරිදි ඩෝරා මාර් නැමැති කාන්තාවයි.ඔහු ඒ වන විට 58 වන වියේ පසු විය. පැබ්ලෝ පිකාසෝ 20 වන සියවසේ වටිනාම චිත්‍ර ශිල්පියා ලෙස සැලකේ.

දෙවන ලෝක යුද සමයේදී නාසිවරුන් අතට පත්වූ මෙම චිත්‍රය ප්‍රංශ හමුදා මගින් නැවත අත්පත් කර ගනු ලැබුවා.

මීට වසර 6කට පෙර ඇමරිකානු චිත්‍ර එකතු කරන්නෙක් එය මිලදී ගත්තේ ඩොලර් මිලියන 26කටයි.

පිකාසෝගේ ඇල්ජියර්ස් හි කාන්තාවන් නැමැති චිත්‍රයට 2015 වසරේදී ඩොලර් මිලියන 179ක මිලක් හිමි වූ අතර එය මෙතෙක් චිත්‍රයක් සඳහා හිමි වූ ඉහළම මිල ලෙස වාර්තා පොතට එක්වී තිබෙනවා.

[ot-video][/ot-video]

Related posts

තායිලන්ත පාර්ලිමේන්තුව විසුරවයි

Editor O

වසර දෙකකට පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර ඉහළ පෙළේ ද්වි පාර්ශවික සමුළුවක්

Mohamed Dilsad

යේමනයේ ගැටුම් උග්‍ර අතට.150 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment