Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

තායිලන්ත පාර්ලිමේන්තුව විසුරවයි

තායිලන්ත අගමැති අනුටින් චාන්විරකුල්ගේ ඉල්ලීම මත මහා වජිරලොන්කෝන් රජු විසින් එරට පාර්ලිමේන්තුව විසුරවාහැර ඇති බව වාර්තා වේ.

අගමැතිවරයා සැලසුම් කළ කාලයට වඩා කලින් මැතිවරණයක් පැවැත්වීමට දොර විවර කරමින් ජනතාවට බලය නැවත ලබා දෙන බවට නිවේදනය කර ඇති අතර පාර්ලිමේන්තුව විසුරවා හැරීමෙන් අනතුරුව දින 45 සිට 60 දක්වා කාලයක් තුළ නැවත මැතිවරණයක් පැවැත්විය යුතුය.

තායිලන්තය මේවන විට කාම්බෝජය සමඟ දේශසීමා යුද්ධයක පැටලී ඇති අතර පාර්ලිමේන්තුවේ බහුතර බලය එරට විපක්ෂය සතුවේ. මෙලෙස පවතින දේශපාලන අවිනිශ්චිතතාවය හා එක්සත් ජනපද තීරුබදු පීඩනය හේතුවෙන් අග්නිදිග ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය මේවන විට බිඳ වැටෙමින් ඇත.

Related posts

සිංගප්පූරු මහ මැතිවරණය අදයි

Mohamed Dilsad

කමිටු වාර්තා ප්‍රතික්ෂේප කරන්නේ ඉ-බ්‍රාහීම් බේරගන්නද ? – උදය ගම්මන්පිළ ප්‍රශ්න කරයි.

Editor O

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරා ගැනීම අද

Editor O

Leave a Comment