Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

තායිලන්ත පාර්ලිමේන්තුව විසුරවයි

තායිලන්ත අගමැති අනුටින් චාන්විරකුල්ගේ ඉල්ලීම මත මහා වජිරලොන්කෝන් රජු විසින් එරට පාර්ලිමේන්තුව විසුරවාහැර ඇති බව වාර්තා වේ.

අගමැතිවරයා සැලසුම් කළ කාලයට වඩා කලින් මැතිවරණයක් පැවැත්වීමට දොර විවර කරමින් ජනතාවට බලය නැවත ලබා දෙන බවට නිවේදනය කර ඇති අතර පාර්ලිමේන්තුව විසුරවා හැරීමෙන් අනතුරුව දින 45 සිට 60 දක්වා කාලයක් තුළ නැවත මැතිවරණයක් පැවැත්විය යුතුය.

තායිලන්තය මේවන විට කාම්බෝජය සමඟ දේශසීමා යුද්ධයක පැටලී ඇති අතර පාර්ලිමේන්තුවේ බහුතර බලය එරට විපක්ෂය සතුවේ. මෙලෙස පවතින දේශපාලන අවිනිශ්චිතතාවය හා එක්සත් ජනපද තීරුබදු පීඩනය හේතුවෙන් අග්නිදිග ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය මේවන විට බිඳ වැටෙමින් ඇත.

Related posts

பாடசாலைகளுக்கு விளையாட்டு பயிற்றுவிப்பாளர்களை நியமிக்க அனுமதி

Mohamed Dilsad

සුළි කුණාටුවට මුහුණදීමට නාවික සීරුවෙන්

Mohamed Dilsad

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

Leave a Comment