ක්‍රීඩා

ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් පිදුම් ලබයි

(උදයම්,කොළඹ)   –  අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබාදෙන ඉහළම සම්මානය වන ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිඳුම් ලබයි.

ඒ, ඊයේ පැවති ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ඉන්දු – ශ්‍රී ලංකා තරගය අතරතුරදී ය.

ඒ අනුව ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් පිඳුම් ලැබූ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන් ඉතිහාසයට එක්විය.

මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800ක් ලබාගත් ලොව ප්‍රථම සහ එකම පන්දු යවන්නා ද වේ.

මීට අමතරව මුරලිදරන් එක්දින ක්‍රිකට් තරගවලදී කඩුලු 534ක් දවා ගෙන තිබේ.

 

එසේම ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ බිහි වූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ලෙස ජාත්‍යන්තර විස්තර විචාරකයින් මුත්තයියා මුරලිදරන්ව හඳුන්වනු ලබයි.

Related posts

තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙයි

Mohamed Dilsad

ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් උළෙල විදේශීය ප්‍රේක්ෂකයන්ට තහනම් වෙයි

Mohamed Dilsad

ශ්‍රීලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ 04 වන දිනයට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

Leave a Comment