ප්‍රමුඛ පුවත 1

හිටපු ගුවන් සේවා ඇමතිට සහ ඔහුගේ ලේකම්ට නඩු

(උදයම්,කොළඹ)  – හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න මහතාට සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් බාලමානගේ දයාවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරයි.

අද(9) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරා තිබේ.

එසේ අල්ලස් කොමිසම අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ නඩු පවරනු ලැබුවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ස්ථාපිත කර නොමැති සංවර්ධන සැලසුම් සම්බන්ධීකරණ නිලධාරී තනතුරට සිය පෞද්ගලික ලේකම්වරයා පත් කිරීමට අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පොළඹවා අල්ලස නමැති වරද කළැයි යන චෝදනාව යටතේය.

Related posts

ජාතික මත්ද්‍රව්‍ය සතියක් ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහලට

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment