විදෙස්

ලෝක කාලගුණ සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වීමේ සුදානමක්

(උදයම්,ඇමෙරිකාව)  –   2015 වසරේ පැරිසියේදී අත්සන් තැබුණු ලෝක කාලගුණ සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා. එම සම්මුතිය මිහිතලය උණුසුම් වීම සීමා කිරීම සදහා ලොව රටවල් 187 ක එකගත්වයෙන් පිහිට වූවකි.

එය ඇමරිකානු ව්‍යාපාර සහ ශ්‍රමිකයන්ට අවාසිදායක බැවින් සාධාරණ එකගතාවක් සදහා යළි සාකච්ඡා කිරීමට සූදානම් බවයි ඔහු පවසා තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේදී ප්‍රතිඥාවක් ද ලබාදී තිබුණේ ඇමරිකාවේ තෙල් සහ ගල් අගුරු කර්මාන්තය, උපරිම ලෙස ක්‍රියාත්මක කරන බවටය.

මෙය ප්‍රධාන පෙලේ ගෝලීය අභියෝගයකින් ඇමරිකාවේ නායකත්වය ගිලිහීමක් ලෙසයි විචාරකයන් පෙන්වා දී ඇත.

Related posts

ජෙරුසෙලමේ යෝජනාව පරාජය කිරීමට ඇමරිකාව නිශේධ බලය යොදයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය රජ පවුලේ 7වැනි කුමරු උපත ලබයි.

Mohamed Dilsad

බේරූට් අගනුවරට සති දෙකක හදිසි අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment