විදෙස්

බේරූට් අගනුවරට සති දෙකක හදිසි අවස්ථාවක්

(UTV | ලෙබනනය) –  ලෙබනනයේ බේරූට් අගනුවර සිදු වූ හදිසි පිපිරීමෙන් පුද්ගලයන් 135 කට අධික පිරිසක් මියගොස් 5000 කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ වනවිට බේරූට් අගනුවර සති දෙකක හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර , නගරයේ ආරක්ෂාවට හමුදා අංශ යොදා ඇති බව ද වාර්තා වෙයි.

බේරූට් නගරයේ වරාය අංගණයක් අසල ගබඩා කර තිබූ පුපුරණ සුළු රසායනික ද්‍රව්‍ය ටොන් 2750ක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදු විය.

සිද්ධිය සම්බන්ධයෙන් එම වරායට අනුයුක්ත නිළධාරීන් කීප දෙනෙක්ද නිවාස අඩස්සියට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආපදාවට ලක්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් කටයුතු සිදු කෙරෙමින් පවතින බැවින් මරණ ප්‍රමාණය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

 

Related posts

ලෝ පුරා කොරෝනා ආසාදිතයින් විසි දෙලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

ඇමෙරිකානු කලාපය කොරෝනා පැතිරයෑමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්වෙයි

Mohamed Dilsad

ලෝ පුරා කොවිඩ් 19 මරණ 74 000 ඉක්මවා යයි

Mohamed Dilsad

Leave a Comment