විදෙස්

ජෙරුසෙලමේ යෝජනාව පරාජය කිරීමට ඇමරිකාව නිශේධ බලය යොදයි

(UTV|ඇමෙරිකාව) – ජෙරුසෙලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජනපති ට්‍රම්ප් විසින් පිළිගැනීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඊයේ ඉදිරිපත් වූ යෝජනාව ඇමරිකාව නිශේධ බලය යොදා පරාජය කළේය.

නමුත් ඊජිප්තුව ඉදිරිපත් කළ මෙම යෝජනාවට ආරක්ෂක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් 14 දෙනාගේම කැමැත්ත පළව ඇත.

එම යෝජනාව තම රටට එරෙහි අපහාසයක් ලෙස සලකන අතර, කිසිදා අමතක නොකරන බව ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය වන නිකී හේලි කියා සිටියාය.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා ජෙරුසෙලම සම්බන්ධයෙන් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට පලස්තීන විදේශ අමාත්‍යවරයා සුදානම් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උතුරු කොරියාව චන්ද්‍රිකාවක් ගුවන් ගත කරයි

Mohamed Dilsad

දකුණු ආසියාවේ කොඩිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

Mohamed Dilsad

වැඩිම කොවිඩ් මරණ අනුපාතය සහිත රට බවට පේරු පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment