ප්‍රමුඛ පුවත 1

මහියංගණ පුදබිමේ සංවර්ධන කටයුතු පිළිබද සාකච්ජාවක්

(උදයම්,කොළඹ)  –  ඓතිහාසික මහියංගණ පුදබිමේ සංවර්ධන කටයුතු පිළිබද සාකච්ජාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පූජා භූමියක් ලෙස පුදබිමේ නීත්‍යානුකූල අයිතිය තහවුරු කිරීම පිළිබද මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර පුදබිමට අයත් සීමාව තුළ වෙනත් පිරිස් සදහා ඔප්පු හෝ බලපත‍්‍ර ලබාදීම වහාම නවතන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පුද බිමේ විදුලි පද්ධතිය පුළුල් කිරීම, මාර්ග ප‍්‍රතිසංස්කරණය ඇතුළු වෙනත් සංවර්ධන කටයුතු පිළිබව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ලක් විය.
මහියංගණ රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ශී‍්‍ර ධම්මරක්ඛිත නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

Related posts

පූජිත සහ හේමසිරි යළි රිමාන්ඩ්

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩලය අද රැස් වීමට නියමිතයි

Mohamed Dilsad

අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment