අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමකින්, පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. අද (27) රාත්‍රියේ වෙඩි තැබීම සිදු වී ඇත.
ගලගොඩ සුනාමිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සාදයක් අතරතුර වෙඩි තැබීම කර ඇත. නිවස අසළ කැලෑබද ප්‍රදේශයක සිට පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.
වෙඩි වැදීමෙන් අවුරුදු 28ක පුද්ගලයෙකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
