Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් ට එරෙහි නඩු අද

එංගලන්තයේ පෞද්ගලික සංචාරයක නිරත වෙමින් රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් අවභාවිත කරන ලදැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ අද (28) පස්වරු 2.00ට කැඳවීමට නියමිතය.

එංගලන්තයේ, වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා පෞද්ගලික විදෙස් සංචාරයකට ගොස් රුපියල් ලක්ෂ 166කට අධික මුදලක් රජයට පාඩු කරන ලදැයි පොදු දේපොළ පනත යටතේ නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීම මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විමර්ශනයේ ප්‍රගතිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද දැනුම් දීමට නියමිතය.

එංගලන්තයේ, වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණේ යැයි සඳහන් කරමින් සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන ආරාධනා පත්‍රය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පුළුල් විමර්ශනයක් සිදුකර තිබෙන අතර ඊට අදාළව එංගලන්තයට ගොස් ප්‍රකාශ කිහිපයක් ද සටහන් කරගෙන තිබේ.

ඊට අදාළ වාර්තාවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ නඩුවේ විමර්ශන මාසයක කාලයක් ඇතුළත අවසන් කර ඉහළ අධිකරණයක නඩු පවරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඉකුත් 2025 නොවැම්බර් මස 19 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

මෙම නඩුවේ අත්‍යාවශ්‍ය පුද්ගලයකු ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නම්කර, ඔහුගේ විදෙස් ගමන්ද තහනම් කරමින් අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබේ.

Related posts

විභාග දින පිළිබඳ හෝඩුවාවක්

Mohamed Dilsad

உலக அழகி மகுடத்தை சூடினார் டோனி ஆன்சிங் [VIDEO]

Mohamed Dilsad

ලිට්‍රෝ වෙතින් අභියාචනාධිකරණයට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment