දේශීය

විභාග දින පිළිබඳ හෝඩුවාවක්

(UTV | කොළඹ ) – ලබන සතිය තුළ පාසල් ආරම්භ වීමත් සමග විභාග පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණය දැනුම් දීමට නියමිතය.

අද (02) උදෑසන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මේ බව පැවසීය.

ඊයේ (01) දිනයේ දී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සමග මේ පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරියේ දී දරුවන්ට විභාගයට සුදානම් වීමට අවශ්‍ය කාලය කළමනාකරණය කරමින් විභාග පැවැත්වීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාට දැනුම් දී ඇත.

ඒ අනුව ලබන සතිය තුළ විභාග දින පිළිබඳ අවසන් තීරණය ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පවසා තිබේ.

Related posts

මාතලේ පාසල් දැරියන් 43කට හදිසියේ ශ්වසන අපහසුතා ඇති වෙයි

Mohamed Dilsad

රාජ්‍ය අංශයේ සියලුම සේවකයින් අද සිට සේවයට

Mohamed Dilsad

රන්ජන්ගේ මන්ත්‍රීධුරය ගැන තීරණය අප්‍රේල් 05 වෙනිදා

Mohamed Dilsad

Leave a Comment