දේශීය

හෝමාගම ප්‍රදේශයෙන් අත්බෝම්බ ඇතුළු තවත් ආයුධ තොගයක් හමුවේ

(UTV| කොළඹ) – හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ තිබී අත්බෝම්බ 04 ක් පිස්තෝලයක් සහ තවත් ආයුධ කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අතුරුගිරිය ප්‍රදේශයෙන් සොයාගත් ටී 56 වර්ගයේ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරුවලට අනුව මෙම ආයුධ තොගය සොයාගෙන ඇත.

ඊයේ (01) රාත්‍රියේ සිදුකළ මෙහෙයුමකදී හෝමාගම – පිටිපන ප්‍රදේශයේ වෙළඳසැලක සඟවා තිබියදී අතුරුදන් වූ බවට සැක කෙරෙන ටී 56 වර්ගයේ ගිනි අවියක් අතුරුගිරිය ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මීට පෙර අදාළ වෙළඳසැලේ තිබී ටී 56 ගිනි අවි 11 ක් ඇතුළු තවත් ගිනි අවි 12 ක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගනු ලැබීය.

කෙසේ වෙතත් පසුව අනාවරණ වී තිබුණේ එහි තිබූ තවත් ගිනි අවි 7 ක් අතුරුදන්වී ඇති බවයි.

Related posts

රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරයෙක් රෝහල් ගත කරයි.

Editor O

රුපියල් දෙදහසේ දීමනාව ලබාදීමට සියල්ල සූදානම්

Mohamed Dilsad

Leave a Comment