Trending Newsඑසැන පුවත්දේශීය

අලුතින් ලියාපදිංචි කරන දේශපාලන පක්ෂ මෙන්න

දේශපාලන පක්ෂ 5ක් ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය දී ඇත..

සමාජවාදී ජනතා පෙරමුණ, ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, මලෙයිග අරසියල් අරංගම්, සමත්තුව කඩ්චි, විප්ලවාදී ජනතා බලය යන පක්ෂ සඳහා අදාළ අනුමැතිය ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි..

පසුගිය වර්ෂය සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට පැවති සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව මෙම දේශපාලන පක්ෂ 5 ලියාපදිංචි කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.

2025 වර්ෂයේ දී දේශපාලන පක්ෂ 83ක් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පත් යොමුකර තිබු අතර ඉන් දේශපාලන පක්ෂ 47ක් මුලික සම්මුඛ පරීක්ෂණ සඳහා තෝරාගනු ලැබීය.

අවසන් සම්මුඛ සාකච්ඡාවලින් අනතුරුව එම පක්ෂවලින් ද පක්ෂ 5කට මෙලෙස ලියාපදිංචිය සඳහා අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට මෙරට ලියාපදිංචි පක්ෂ සංඛ්‍යාව 85ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Related posts

ரசிகர்களுக்கு முத்தம் கொடுத்து சந்தோஷத்தை வெளிப்படுத்திய பிரபல நடிகை

Mohamed Dilsad

முதலாவது ஒருநாள் கிரிக்கட் போட்டி 14ம் திகதி

Mohamed Dilsad

விமலிற்கு எதிரான வழக்கை மே மாதம் விசாரணைக்கு

Mohamed Dilsad

Leave a Comment