Trending Newsඑසැන පුවත්දේශීය

නීතිපති ට එරෙහිව, උද්ඝෝෂණ කරන්නේ මාලිමා හෙන්චයියන් – උදය ගම්මන්පිල

මාලිමා ආණ්ඩුවේ හෙංචයියන් පිරිසක් නීතිපතිවරයාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණ පවත්වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙලෙස උද්ඝෝෂණ පැවැත්වීමෙන් මේ රටේ ස්වාධීන යුක්තිය පසිඳළීමේ ක්‍රියාවලිය මාලිමාකරණයට නතුකිරීමට උත්සාහ ගන්නා බව ඒ මහතා පෙන්වා දුන්නේය.

කොළඹදී අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ උදය ගමන් පෙළ මහතා තවදුරටත් කියා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුව මාලිමාකරණයට නතු කර ගැනීමේ අරමුණින් පවත්වන මෙම උද්ඝෝෂණ හෙළා දකිමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින බවයි.

රටේ යුක්තිය පසිඳලීමේ පද්ධතිය තුළ නීතිපතිවරයා දෙවැනි වන්නේ අගවිනිසුරුතුමාට පමණක් බව පෙන්වා දෙන හෙතෙම ජ්‍යෙෂ්ඨත්වය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පවා ඉන්නේ නීතිපතිවරයාට පහළින් බව ඔහු පෙන්වා දුන්නේය.

මේ රටේ කිසිදු පාලකයෙක් නීතිපතිවරයා තම අණසකට යටත්කර ගැනීම සඳහා ක්‍රියා නොකළ බවත් ඒකාධිපතියන් විදිහට හංවඩු ගහපු පාලකයෙක්වත් නීතිපතිවරයාට එරෙහිව උද්ඝෝෂණ සැලසුම් නොකළ බවත් ඔහු සිහිපත් කළේය.

ඉතිහාසයේ කිසිදු කාලයක නොවූ පරිදි වර්තමාන නීතිපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා මාලි මාව විසින් බියක් කර ඇති කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල පරාජය කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ සහ සංවිධාන සමග එක්ව ක්‍රියා කරන බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය

Related posts

A worker found Rs. 20mn worth gold biscuits at BIA

Mohamed Dilsad

மண்சரிவில் பாதிக்கபட்ட 23 குடும்பங்களை சேர்ந்த 109 பேர் தற்போதும் முகாமில்

Mohamed Dilsad

2016/17 University cut off marks released

Mohamed Dilsad

Leave a Comment