මෙරටින් හමු වූ ලොව විශාලතම සහ ඉහළම වටිනාකමින් යුත් කැරට් 3,563ක බර දම් පැහැති ආර්නූල් මැණික කොළඹදී ප්‍රදර්ශනය කර ඇත. මෙම දුර්ලභ ගණයේ මැණික රත්නපුර ප්‍රදේශයෙන් 2023 වසරේදී හමුවී තිබුණි.
ලොව මෙතෙක් සොයාගෙන ඇති දම් පැහැති ආර්නූල් මැණික් ගල් අතර විශාලතම මැණික ලෙස නම් කර ඇති මෙය ස්වභාවික ආර්නූල් මැණික් ගලක් ලෙස විද්‍යාත්මකව තහවුරු කර ඇතැයි සඳහන්.
මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 300ත් 400ත් අතර වන බව ද සඳහන්.
.
