Trending Newsඑසැන පුවත්දේශීය

බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්…! කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (06) සවස නිකුත් කළ නිවේදනයට අනුව මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්  දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.  

මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අනාවැකි සහ නිවේදන පිළිබඳව, ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් පසුවන ලෙස දැනුම්දෙයි.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ  පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වෙන අතර, දිවයිනවටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. 30-40පමණ වනුඇත. . 

බේරුවෙල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60ක දක්වා ඉහළ යා හැකිය.

බේරුවල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි අතර, කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

Related posts

සපුගස්කන්ද කාන්තා මළ සිරුරේ අනන්‍යතාව තහවුරු කරගැනීමට සහය වන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

සජිත් හිරුණිකාව බලන්න යයි

Mohamed Dilsad

25 பில்லியன் ரூபா செலவில் உயரமான மேம்பாலம் கொழும்பில் நிர்மாணிப்பு…

Mohamed Dilsad

Leave a Comment