Trending Newsඑසැන පුවත්දේශීය

සමරිසි නීති වෙනස් කිරීමේ සැලසුම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අතර සම්බන්ධයක් නෑ…! – අගමැති හරිනි

රටේ පවතින සමලිංගික නීති වෙනස් කළ යුතු බවට තමන් මෙයට පෙර සිදුකළ ප්‍රකාශය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අතර කිසිදු සබඳතාවක් නැතැයි අග්‍රාමාත්‍ය, අධ්‍යාපන ඇමතිනි හරිනි අමරසූරිය පවසයි.

අගමැතිනිය මේ බව ප්‍රකාශ කළේ, රජය සමලිංගික නීති වෙනස් කළ යුතු බවට මතයක් දරන පසුබිමක හය වසර සිසුන් සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබා දෙන මොඩියුලයක සමලිංගික වෙබ් අඩවියක දිගුවක් ඇතුළත් වීම හුදු කුමන්ත්‍රණයක් යැයි බැහැර කළ හැකි දැයි මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඒක අතර කිසිම සම්බන්ධයක් නෑ.” යැයි හරිනි අමරසූරිය කීවාය.

මෙම ආන්දෝලනාත්මක තත්ත්වය ඉදිරියේ අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ඉල්ලා අස්විය යුතු බවට සමාජ මතයක් ඇතැයි මාධ්‍ය පවසන විටම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ විදුලිය විසන්ධි විය.

Related posts

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන් වේ

Editor O

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නිලධාරියා CID බාරයට [UPDATE]

Mohamed Dilsad

උද්ධමනය අඩුවෙයි.

Editor O

Leave a Comment