Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කොළඹ පදිංචියට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් කොළඹ ආසන්න පදිංචියට පැමිණ තිබේ.

නුගේගොඩ ප්‍රදේශයේ නිවසක ඒ මහතා මේ වන විට රැඳී සිටියි. හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස පහසුකම රජය විසින් අහෝසි කිරීමෙන් පසු එතෙක් විජේරාම නිල නිවසේ හිටි මහින්ද රාජපක්ෂ මහතා සැප්තැම්බර් මස 11වනදා ඉන් පිටව ගියේය.

ඉන් පසු තංගල්ල කාල්ටන් නිවසේ කාලය ගත කළ ඒ මහතා පසුගිය සතියේදී නැවතත් නුගේගොඩ ප්‍රදේශයේ නිවසක් වෙත පැමිණ ඇත.

දේශපාලන කටයුතු හා වෛද්‍ය වෛද්‍ය පහසුකම් ලබා ගැනීම පහසුව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

මෙම නිවස ඒ මහතාගේ හිතවතකුට අයත් එකක් වන අතර බදු පදනම මත ලබාගෙන ඇතැැැයි වාර්තාත වේ.

Related posts

වැරැදිවලට දඬුවම් නියමව බන්ධනාගාරගතව සිටි 388 දෙනෙකුට වෙසක් පෝය නිමිත්තෙන් රාජ්‍ය සමාව

Editor O

ලෝක ආහාර වැඩසටහන යටතේ රුපියල් මිලියන 80 ක මූල්‍යාධාරයක්

Mohamed Dilsad

மனச்சாட்சியின் விளிம்பில் விழும் நீதியின் நிழல்கள்

Mohamed Dilsad

Leave a Comment