Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි කොළඹ මහනගර සභාවේ අයවැය පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි වූ කොළඹ මහ නගර සභාවේ 2026 මංගල අයවැය අද (22) පරාජය විය. .

අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57කි.

සර්වජන බලය මන්ත්‍රීවරු දෙපොළගේ ඡන්දය මෙහි දී තීරණාත්මක සාධකය වූ අතර ඒ අනුව වැඩි ඡන්ද 3කින් ජාතික ජන බලවේගය අයවැය පරාද විය. .

කොළඹ මහ නගර සභාවේ බලය, ජාතික ජන බලවේගයට හිමිවූ අතර එහිදී ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් කොළඹ පුරපති ලෙස තේරී පත්විය.

බලය ලබා ගැනීමේ අරගලයේදී පක්ෂ කිහිපයක් එක්ව සභාග පාලනයක් පිළිබඳ සාකච්ඡා කළද, නගරාධිපති ධුරය සහ තනතුරු බෙදාගැනීමේදී එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම නිසා දිගින් දිගටම අර්බුද පැනනැගුණි. 

වත්මන් අයවැය පරාජය වීමටද ප්‍රධාන හේතුව වී ඇත්තේ පාලක පක්ෂයට සහාය දුන් ඇතැම් කණ්ඩායම් සහ විපක්ෂය එක්ව අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමයි.

Related posts

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යනය කිරීමට අගමැතිගෙන් කමිටුවක්

Mohamed Dilsad

இந்தாண்டில் ,இலங்கையின் பொருளாதார வளர்ச்சி

Mohamed Dilsad

සති අන්තයේ ඇඳිරි නීතිය ගැන පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment