ලෝක කුසලාන විස්සයි-විස්ස 2026 ක්‍රිකට් තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද (19) නිල වශයෙන් ප්‍රකාශ කළේය.
නව තේරීම් කමිටුව පත්වීමෙන් අනතුරුව ක්‍රිකට් ආයතනයේ පැවැති ප්‍රථම මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා ඒබව ප්‍රකාශ කර ඇත.
මෙහිදී අදහස් දැක්වූ වික්‍රමසිංහ සඳහන් කළේ, ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගනිමින් පෙර පැවැති තේරීම් කමිටුව මඟින් නම් කරන ලද ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් යුත් සංචිතයේ කිසිදු වෙනසක් සිදු කිරීමට වත්මන් කමිටුව බලාපොරොත්තු නොවන බවයි.
විස්සයි20 ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ ක්‍රීඩක සංචිතය මෙසේය.
දසුන් ශානක (නායක)
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
ධනංජය ද සිල්වා
නිරෝෂන් දික්වැල්ල
ජනිත් ලියනගේ
චරිත් අසලංක
කමිඳු මෙන්ඩිස්
පවන් රත්නායක
සහන් ආරච්චිගේ
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මිලාන් රත්නායක
නුවන් තුෂාර
එශාන් මාලිංග
දුෂ්මන්ත චමීර
ප්‍රමෝද් මධුශාන්
මතීෂ පතිරණ
ඩිල්ෂාන් මධුසංක
මහීෂ් තීක්ෂණ
දුශාන් හේමන්ත
විජයකාන්ත් වියස්කාන්ත්
ට්‍රැවින් මැතිව්
කමිල් මිශාර
