බාල ඖෂධ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කළේ යැයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ වැඩ තහනමකට කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාපාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
බාල බෙහෙත් හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් මෙය මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් ඔහු පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය
කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියක් මගින් මෙම දැනුම් දීම සිදු කර තිබේ.
