Trending Newsඑසැන පුවත්දේශීය

මහනුවර උඩුදුම්බර නායයෑමක් ; නිවාස කිහිපයකට දැඩි හානි

මහනුවර, උඩදුම්බර ප්‍රදේශයට, ගතවූ 24 පැය තුළ මි.මී 300 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබීමත් සමඟ නායයෑම් කිහිපයක් වාර්තා වී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

උඩදුම්බර, දෙනපිටිය ප්‍රදේශයේ නායයෑමක් සිදුව ඇති බවද වාර්තා වෙයි.

නායයෑමෙන් නිවාස කිහිපයකට හානි සිදුව ඇති අතර, එම නිවාසවල සිටි ජනතාව කඩිනමින් ඉවත් කර ඇත.

එමෙන්ම නුවරඑළියට බලපෑ වැසි තත්ත්වය සමඟ රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් වලපනේ මාර්ගය නායයෑමක් හේතුවෙන් අවහිර වී ඇත. මාතලේ දිස්ත්‍රික්කයට ද මි.මී 100 ඉක්මවු වර්ෂාපතනයක් ඊයේ (18) දිනයේ ලැබී තිබේ.

තවත් සුළු නායයෑම් සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති නමුත් ඒ පිළිබඳ විස්තරයක් මෙතෙක් ලැබී නොමැති බවද පැවසු ඒ මහතා, අද දිනයේදීත් වැසි ලැබීමට නියමිත බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වෙමින් ජීවිත ආරක්ෂා කරගැනීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටියේය.

Related posts

ලබන 10 වනදාට පෙර සමෘද්ධි අත්තිකාරම් මුදල ලබා දීමට කටයුතු

Mohamed Dilsad

வெற்றிப்பாதையை நோக்கி மக்கள் காங்கிரஸ்!

Mohamed Dilsad

IGP to make special statement today

Mohamed Dilsad

Leave a Comment