Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දියානු බාල බෙහෙත් රටට ගේන හොර ගිවිසුම රටට හෙළි කරනු…! – පුබුදු ජාගොඩ…

ඉන්දියාවේ Maan Pharmaceuticals සමාගම නිෂ්පාදනය කළ තවත් ඖෂධ වර්ග ගණනාවක් භාවිතයෙන් ඉවත් කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කරයි. .

ඔහු පෙන්වා දෙන්නේ ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් තැබූ රහසිගත ගිවිසුම් හේතුවෙන් ප්‍රමිතියෙන් තොර ඖෂධ රටට පැමිණීමේ හැකියාව පිළිබඳව පසුගිය මැයි මාසයේ සිට තම පක්ෂය කළ අනතුරු හැඟවීම් මේ ඔස්සේ යතාර්ථයක් බවට පත්වෙමින් ඇති බවයි.

ජාතික ජන බලවේග ආණ්ඩුව 2025 අප්‍රේල් 05 අත්සන් කළ ගිවිසුම් හරහා පවතින ක්‍රමවේදයම විකෘති කර, ඉන්දියානු ඖෂධ සමාගම්වලට බාධාවකින් තොරව හා පරීක්ෂාවකින් තොරව අපේ රෝගීන්ට ප්‍රවේශ වීමට පාර කපන බවට තමන් සැක කළ බවත් ඔහු සඳහන් කරයි.

දැන් බෙහෙවින් ප්‍රමාද වුවත් මේ මොහොතේ හෝ මේ ගිවිසුම් ජනතාවට හෙළි කරන ලෙසත් මේවා හානිකර බවට සමාජ මතයක් තිබේ නම් එම ගිවිසුම්වලින් ඉවත්වන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් පුබුදු ජාගොඩ වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව ගුරු සංගමයේ තීරණය අද

Mohamed Dilsad

මුදලට විකිණූ කුඩා පුතුව හමුවෙයි – සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

White House Adviser Kushner, Saudi Crown Prince meet on Middle East

Mohamed Dilsad

Leave a Comment