දේශීය

ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව ගුරු සංගමයේ තීරණය අද

(UTV | කොළඹ) – සිය වැටුප් ගැටලුවට මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙන් ගනු ලබන ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද (25) දිනයේ තීරණය කරන බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් රැස්වී සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවය.

“මේ වෙනකොට ඇමති අනුකමිටුවේ වාර්තාව එළිදක්වලා නෑ. ඒ වගේම විසදුම ගැනීම නැවත 5වන සතියටත් කල්දාලා. වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය හැටියට අපි අනිවාර්යයෙන්ම ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරනවා. ඒකෙදි අපේ ඉදිරි ක්‍රියාමාර්ගය මොකක්ද කියලා කියනවා.”

Related posts

සැකකරුවෙකු මියයෑමේ සිද්ධියට පොලීසියේ 4ක් රිමාන්ඩ්

Mohamed Dilsad

මහමඟ තිබී හමුවූ සිරුරු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කළ අය සොයා පරීක්ෂණ

Mohamed Dilsad

2024දී මැතිවරණ දෙකක්

Mohamed Dilsad

Leave a Comment