Trending Newsඑසැන පුවත්දේශීය

ආපදාවෙන් විනාස වූ රට ගොඩනගන්න සහය දෙන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්⁣වරයාගෙන් ඉල්ලයි….

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Mathew Duckworth මහතා අතර හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අද (08) පැවැත්වින. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ජාත්‍යන්තර සහය ලබා ගැනීමේ අරමුණෙන් එම හමුව පැවැත්වින.

සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය නිසා ව්‍යාපාර බිඳ වැටීම, ජන ජීවිත කඩා වැටිම, යටිතල පහසුකම් රැසක් විනාශ වී තිබෙන බැවින් , එකී යටිතල පහසුකම් නැවත ස්ථාපිත කර ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට සහයෝගය ලබා දෙන ලෙස ඔස්ට්‍රේලියානු මහකොමසාරිිස්වරයාගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

එසේම මේ අවස්ථාවෙ අප රට වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ජනරජය විසින් ලබාදුන් ආධාර සහ සහන සේවා වෙනුවෙන් ද සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය ස්තූතිය ඔස්ට්‍රේලියානු රජය සහ ජනතාව වෙත පිරිනැමීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දි කටයුතු කළේය.

Related posts

ඇමති ලාල් කාන්තගේ ප්‍රකාශයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් විරෝධයක්

Editor O

”ජන ජය පෙරමුණ” සභාපති දිනේෂ් ගුණවර්ධන, ප්‍රධාන ලේකම් රමේෂ් පතිරණ

Editor O

Showers expected in several places today

Mohamed Dilsad

Leave a Comment